කැසිනෝ සූදුවට, මාධ්‍ය මර්දනයට හා රජය ගෙන යන ජන පීඩාකාරී තත්ත්වයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනතා උද්ඝෝෂණය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.
සමගි බලවේගය නමැති පක්ෂ එකමුතුව මගින් මෙය සංවිධානය කළ අතර කොළඹ ලේක්හවුස් වටරවුම, බාන් ඔරලෝසු කණුව සහ මරදාන ටෙක්නිකල් හංදිය යන ස්ථානවලින් වෙනම ජනතා පෙළපාලි තුනකින් පැමිණ සියල්ලෝම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් විය.
විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් කරූ ජයසූරිය, මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
කැසිනෝ ව්‍යාපාරයේ මලගම යැයි සඳහන් මිනී පෙට්ටියක් ද මෙහිදී පාක්ෂිකයන් විසින් රැගෙන විත් පුළුස්සා දමන ලදී.
තුන්දහස් පන්සියයකට අධික පරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් මාවතේ රැස්වී සිටීම නිසා කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කීපයකම දැඩි රථවාහන තදබදයක් ඇතිවිණි.

