විපක්ෂය දැන් තුඹසෙන් එළියට ඇවිල්ලා


‘බේරුවල කලබල කාලයේ විපක්ෂනායකතුමා සහ ඔහුගේ පක්ෂයේ අය ගියේ කොහේද?දිස්ත්‍රික්කය භාරව සිටින මමයි කුමාර වෙල්ගම ඇමැතිතුමයි ඇඳුම් මහගෙන දෙපක්ෂයටම අසාධාරණයක් නොවෙන්න ගැටුම බේරුවේ. ‘ වරාය ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පානදුරේ දී එසේ ප්‍රකාශ කළේය.

‘එදා බයගුල්ලන් සේ තුඹසට රිංගා සිටි විපක්ෂය අද ගෙවල්වල හැංගිලා මයික් ඉස්සරහට අවුත් වීරයන් සේ කතා කරනවා.‘ යැයි ද ඔහු කීවේය.