විපක්ෂය අල්ලස් කොමිසමට යයි


ඇමැතිවරු හය දෙනෙක් විසින්  සිදු කරන ලදැයි කියන දුෂණ ක්‍රියා සම්බන්ධයෙන්  ඉදිරි සති  දෙකක කාලය ඇතුළත අල්ලස්  හෝ දුෂණ චෝදනා  විමර්ශන කොමිසමට  පැමිණිලි කිරිමට  ඒකාබද්ධ විපක්ෂය සුදානම් වේ.

කොළඹ,කළුතර,මහනුවර,රත්නපුර, හා වන්නි  යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අමාත්‍ය ධුර  දරණ හය  දෙනෙකුට  එරෙහිව මෙලෙස පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂයේ  ප්‍රකාශකයෙක් පැවසීය.