විපක්ෂ විවාදයට ඉඩ නොලැබේ
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද පැය එකකුයි විනාඩි විස්සකට සීමා විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂු ඝාතනයට හා කොළඹ කෞතුකාගාරයේ ඉපැරැණි භාණ්ඩ සොරකම ගැන විපක්ෂය ඉල්ලූ විවාදයට ඉඩ නොලැබිණි. ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුයේ උසාවියේ නඩුවක් විභාගවන හෙයින් ඒ සිද්ධි පිළිබඳව කරුණු කාරණා විවාදයට ගැනීම අයෝග්‍ය බවයි. කතානායක චමල් රාජපක්ෂ මහතා ඒ අනුව පැවැසුයේ ඒ ගැන විවාදයට ඉඩ දිය නොහැකි බවයි.

