
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් සිය අසුන් වලින් නැගිට අද(18) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මම යෝජනාවක් ඉදිරිපත් කරනවා. මන්ත්‍රීවරුන් විස්සක් අනුමැතිය ලබාදී තිබෙනවා. ඊශ්‍රායල ඉරාන යුදමය තත්ත්වය හේතුවෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ රටේ දහදාහත් විසි දාහත් අතර පිරිසක් ඊශ්‍රායලයේ රැකියා කරනවා. ඒ අයගේ ජීවිත පිළිබඳ පිළිබඳව බරපතල අවදානමක් මතුවෙලා තියෙනවා. අපේ රටේ තේ ගමනාන්තයක් වෙලා තියෙනවා ඉරානය.
අපේ රටේ මුහුණ දී ඇති තත්ත්වය ගැන සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. යුදමය තත්ත්වය නිසා තෙල් මිල හරහා ඇති විය හැකි බලපෑම විශේෂයි. ඒ තත්ත්වය ආර්ථික වර්ධනයට තදින්ම බලපානවා. සේවා පද්ධතියට කෘෂිකාර්මික පද්ධතියට බලපානවා. සමස්ත ජනපරපුරටම බලපානවා.
සීමා සහිත න්‍යෂ්ටික යුද්ධයක බලපෑමක් ඇතිවෙලා තියෙනවා. කලාපීය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. හදිසි තත්ත්වයක් මත මේ පිළිබඳව හැකිනම් අද දිනයේ විවාදයක් ලබාදෙන්න. නැත්නම් හෙට දිනයේ විවාදයක් දෙන්න. ස්ථාවර නියෝග අත්හිටුවලා කරමු.
මොකක්ද මෙතන රජයේ ස්ථාවරය මැදිහත්වීම. මොකක්ද රජය ලබාදෙන උත්තර. ඇමතිවරු තනි තනිව කරන ප්‍රකාශ වලින් සෑහීමට පත්වෙන්න බැහැ. ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේක පරක්කුයි.
අද බැරිනම් හෙට දෙන්න. සෑහෙන වෙලාවක් වෙන් කරන්න. අපිට මේ විවාදය අවශ්‍යයි.
මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා
මේක ජාතික වශයෙන් වැදගත් කාරණයක්. අද සවස තුනහමාරට මේ විවාදය ගන්න පුළුවන්. අපි මේ ගැන අද කතා කරමු.
සභානායක බිමල් රත්නායක මහතා
මේක ඉදිරියට යන්න ආණ්ඩු පක්ෂයේ සහය අවශ්‍ය වෙනවා. ස්ථාවර නියෝග අනුව මේ ප්‍රශ්නය සලකා බලන්න කැමතියි.
සජබේ යෝජනාවක් තවත් තියෙනවා. ඒක නැතුව මේක ගන්න කැමතිනම් අපි එකඟයි. ඊයෙත් මේ කාරණය ගැන විවාදයක් ගියා. විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පණ්ඩිතයන් එක්ක යන්න ගිහිල්ලා ඔබතුමාලා අමාරුවේ වැටෙනවා. විපක්ෂ නායකතුමා මේ කාරණය පැහැදිලිව කිව්වා.
ගීතා හේරත් මන්ත්‍රීවරිය මේ කාරණය ගැන ඊයේ කතා කළා. ඇමතිවරයා උත්තර දුන්නා. අද වුණත් මේක ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් කළේ නෑ. මේක තුනහමාරේ ඉඳලා පහමාර දක්වා කරන්න අපි එකඟතාවය දෙනවා.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා
මෙතන නායකයෝ වැඩිවෙන්නේ මෙතන පක්ෂ ගොඩක් තියෙනවා. මේක දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙ ප්‍රශ්නයක් නොවෙයි. ඊයේ ප්‍රශ්න වගයක් අහලා උත්තර දුන්නා. අපි කියන්නේ මෙතන පැහැදිලි විවාදයක් කරන්න ඕන කියලා.
විපක්ෂ නායක
විවාදය ලබාදීම ගැන ස්තූතිවන්ත වෙනවා. විවාදයට පැය දෙකක් ප්‍රමාණවත් නැහැ. අද සවස සහ හෙට දවස ලබාදෙන්න. වැඩිවෙලාවක් අවශ්‍යයි. අපි බාලයො එක්ක නෙවේ කටයුතු කරන්නේ. පණ්ඩිතයෝ ටිකක් එක්ක කටයුතු කරන්නලැබුණු එක ගැන සතුටු වෙනවා.

