පාර්ලිමේන්තුවේ විපකෂනායක නායක ආර් සම්බන්දන් මහතාට සුදුසු නිල නිවසක් මෙතෙක් පිරිනමා නැති බවත් , සම්බන්ධන් මහතාටම එසේ සලකන්නේ නම් දෙමළ ජනතාවගේ තත්ත්වය කෙසේ වේදැයි සිතාගත හැකි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය පැවසුවාය.
සම්බන්දන් මහතා විපක්ෂ නායක ධුරයට පත් වී වසරක් ගත වී ඇති බව ද ඇය කීවාය.