විපක්ෂ නායක තේරීම සුසිල්ට බාර දෙයි


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

‘ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කවුද කියා මට දැන් හොඳට තේරෙනවා. මෙතන තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔබ සමගිව ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.‘ යැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

‘විපක්ෂ නායක කම ඕනෑ නම් ගන්න. පිටුපසින් සිට පිහියෙන් අනින්න එපා.‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.