විපක්ෂ නායක කතරගමට භාරයක් වේ


විපක්ෂ නායක  නිමල්   සිරිපාලද  සිල්වා   මහතා  අද  (05) රුහුණු   කතරගම  මහා  දේවාලයට   පැමිණ  භාරයක්   වීය.

ඉරිදා   අලුයම  4ට   ඔහු   දේවාලයට   පැමිණ  ඔහු  කතරගම  පුදබිමේ  සියලුම  දේවාල වලට   ගොස්  පඩුරු   තබා  භාර   විය.

ඉන්පසුව  දේවාලයට   පැමිණ  සිටි   බැතිමතුන්  සමග ද  කතා   බහක  නිරතවු   විපක්ෂ  නායකවරයා   රටේ   පවත්නා   දේශපාලන  වතාවරණයේ   හොද  නරක  පිළිබඳව  ඔවුන්ගෙන්   විමසන  අයුරු  දැකගත හැකිවිය.

දින සියයේ  ආණ්ඩුවේ  විපක්ෂ නායක ධුරයට  පත්  වු  නිමල්  සිරිපාල  ද සිල්වා  මහතාට  එරෙහිව සන්ධානයේ  හවුල්කාර  පක්ෂයක්  වන මහජන එකසත්  පෙරමුණේ නායක නායක දිනේෂ් ගුණවර්ධන මහතාද තරගයට  පැමිණ සිටි.