පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය අනුව දෙමළ ජාතික සංධානයට විපක්ෂ නායක ධුරය ලබා දීමට කතානායකවරයා නිගමනය කළොත් ඔවුන් උතුරේය.ඔවුන් දරණ මතය අතිශය භයානකය යන්න අදාල නොවන අතරම එම තීරණයට වෙට්ටු දමා එය වැළැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් නැතැයි සෙනසුරාදා (28)රාත්‍රී සිරස රූපවාහිනීයෙන් විකාශනය වු සටන වැඩසටහනේදී එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
‘වත්මන් පාර්ලිමේන්තු සංයුතිය සකස් වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය,දෙමළ සන්ධානය,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්දානය යන පක්ෂ වලින් පමණි.
දැනටමත් එක්සත් ජාතික පක්ෂයත්,එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබේ.

