විනෝදාංශයක් ලෙස නිරූපණය කරන නටාලියා


2016-11-29-ent-92

දන්ත වෛද්‍යවරියක වීමට සරසවි අධ්‍යාපනය ලබන මෙම යෞවනිය කුඩා කල සිටම විදේශීය අධ්‍යාපනය ලබමින් එහිම ජීවත්ව සිටින්නීය. ගයාත්‍රි නටාලියා දිසානයක නම් වන ඇය නිරූපණ ක්‍ෂේත්‍රය සිය විනෝදාංශයක් ලෙසින් සිදුකරන්නිය. නිරූපණ ක්‍ෂේත්‍රයට ආගමනය හා ඉදිරි කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් හඬ අවදි කළේ මෙලෙසිනි.

 

මුලින්ම ඔයාගේ නම කිව්වොත්?

2016-11-29-ent-96ගයාත්‍රි නටාලියා දිසානායක

 

තාම ඉගෙන ගන්නවාද? නැත්නම් රැකියාවක් කරනවාද?

තාම ඉගෙන ගන්නවා. මම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙන ගන්නේ. දන්ත වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

දැන් ලංකාවේ නෙමේ නේද පදිංචි වෙලා ඉන්නේ?

නැහැ ලංකාවේ නෙමෙයි. කැනඩාවේ

 

කැනඩාවට කොයි කාලේද යන්නේ? කුඩා කාලයේදීමද?

ඔව් මං පොඩි කාලේ තමයි මෙහෙ ආවේ

 

ඉගෙන ගන්න අතරතුරද මොඩ්ලින් කරන්නේ?

මං නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදිහට.

 

 

ගෙදරින් කැමතිද ඒ දේට?

ඔව් එයාලා කැමති. මොකද මං ඒ හැමදේම කරන්නේ එයාලාගේ කැමැත්තත් එක්කයි. මට ගොඩක් ලිමිට්ස් තියෙනවා.

 

ලංකාවට වඩා කැනඩාව තුළ නිරූපණය පිළිගැනීමක් ඇති නේද?

ඒක මට හරියටම කියන්න බැහැ

 

කැනඩාව තුළ නිරූපණයට තියෙන ඉල්ලුම?

ඇත්තටම මට ඒ ගැන අවබෝධයක් නැහැ. මොකද සමහරවිට මං නිරූපණය රැකියාවක් විදිහට කරන්නේ නැති නිසා වෙන්න ඇති.

 

දන්ත වෛද්‍යවරියක් වුණාම නිරූපණයෙන් ඈත් වෙනවාද?

සමහර විට

 

කොයි කාලේද නිරූපණයට එකතු වුණේ?

ෆැෂන් මොඩ්ලින් කරන්න පටන් අරන් අවුරුදු දෙකක් විතර වෙනවා.

 

දැනට දායක වෙලා තියෙන කටයුතු මොනවාද?

මං ගොඩක් ෆැෂන් ඩිසයිනර්ස් එක්කලා වැඩ කරලා තියෙනවා. ඒත් මං මේ දවස්වල ඒ කටයුතුවලින් ටික දිනකට ඈත් වෙලා ඉන්නේ.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරි බලාපොරොත්තුව තමයි දන්ත වෛද්‍යවරියක් වෙලා ඉක්මනට ලංකාවට එන්න. මං ආස ලංකාවේ දන්ත වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කරන්නයි.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද? ඔයාගේ ගමනට සහයෝගය දෙන?

ඔව්, මගේ අම්මයි අප්පච්චි, එයාලා මට ගොඩක් උදවු කරනවා මගේ ජීවිතයේ හැම අතින්ම සාර්ථක කරගන්න. මගේ ජීවිතෙ බාධක නොතිබුණාම නෙමෙයි. ඒ හැම අවස්ථාවකදීම මට උදවු කරපු හැමෝමවත් මේ වෙලාවේ මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-11-29-ent-91
2016-11-29-ent-95
2016-11-29-ent-93