මුදලට තරග තොරතුරු දීම සදහා අල්ලස් ගැනීමට සූදානම් වූයේයයි චෝදනා ලද කි‍්‍රකට් විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක සභාව අද (9 වැනිදා) තීරණය කළේය.
ඒ අනුව සාගර ගාල්ලගේ විනිසුරුවරයාට වසර 10ක තහනමක්ද, මොරිස් ඩිලා සිල්වා විනිසුරුවරයාට වසර 3ක තහනමක්ද පනවා තිබේ. ගාමිණි දිසානායක මහතාට තදබල අවවාද කර ඔහුව ඉහළම තලයේ විනිසුරු මඩුල්ලෙන් පහළට දමා තිබේ.