කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධ නඩුව තමා යටතේ විභාගයට නොගන්නා බව ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය අද දැනුම් දුන්නාය.
මෙම නඩුව විභාග කිරීමට වෙනත් විනිසුරුවරයකු පත් කරන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දන්වා ඇතැයි කී මහාධිකරණ විනිසුරුවරිය වෙනත් විනිසුරුවරයකු පත් කරන තෙක් තමා නඩුව කැඳවීම පමණක් කරන බව පැවසුවාය.

