විනිසුරුවන් දවා ගැනීමට නොහැකි වෙයි


අම්බලන්ගොඩ දේවානන්ද හා ධර්මාශෝක දෙවිදුහල් අතර 48 වැනි වරට අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික ක්‍රිකට් ගැටුමේදී විනිසුරුවරු ප්‍රේක්ෂකයන්ගෙන් බේරීමට දිව ගියහ.

මීට පෙර 2013 වසරේ පැවති මහ ක්‍රිකට් තරඟයේදී විනිසුරුවන්ට පහර දීමක් සිදුවීම ඊට හේතුව බව කියති.

ඒ හේතුවෙන් 2014 වසරේ තරඟය නොපැවති අතර මෙවර කලබලකාරී සිදුවීමක් සිදුනොවූ අතර තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වීමත් සමග පිටියට පැමිණි ප්‍රේක්ෂක පිරිසෙන් බේරීමට විනිසුරුවරු වහා පිටියෙන් ඉවත්ව ගියහ. මෙම තරඟයේ ආරක්ෂාවට පොලිසියේ 300 දෙනකු පමණ යොදවා සිටි බවද කියති.