මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (28) රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති රග්බි තරගයේදී පේ‍්‍රක්‍ෂකයන් විනිසුරුවරයාට වතුර බෝතලයකින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මිනිත්තු 10 කට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය.
දෙවැනි අර්ධයේ 24 වැනි මිනිත්තුවේදී ප‍්‍රධාන විනිසුරු ඩිංගා පීරිස් මහතා ටොරින්ටන් අන්තයෙන් ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයකුට කහ කාඞ්පතින් අවවාද කර පිටියෙන් ඉවත් කිරීමත් සමග එම අන්තයේ පැති විනිසුරු ලෙස කටයුතු කළ දිමිත‍්‍රි ගුණසේකර මහතා තමන්ට කිසියම් දෙයකින් පහර දුන්නේ යයි පැමිණිලි කළේය.
ඒත් සමගම සංවිධායකයන්ගේ මැදිහත් විමෙන් උසස් පොලිස් නිලධාරීන්, පොලිස් කැරළි මර්ධන බලකාය සහ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පැමිණ ක‍්‍රීඩාංගණයේ ආරක්‍ෂාව තර කළ අතර රග්බි විනිසුරු සංගමයේ නිලධාරීහූ ද ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)