විනිසුරුට කලින් තීන්දුව දිලා


අනුරාධපුර බන්ධනාගරයේ රඳවා සිටින කොටි සැකකරුවන් හතර දෙනෙකුගෙන් වරද පිළි ගන්නා බවට වන ලේඛන කිහිපයකට  අධිකරණයේ හෝ නීතිපති දෙපාර්තෙමින්තුවේ හෝ විත්තියේ නීතිඥයාගේ හෝ කිසිදු පූර්ව දැනුවත් වීමකින්  තොරව අත්සන් ලබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්විමට මාර්තු  9 වැනි දා අනුරාධපුර විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ශ‍්‍රි ලංකා නීති ආධාර කොමිසන් සභාවේ අනුරාධපුර කාර්යාලයයේ   නීතිඥ හුස්රා පාතිමා මහත්මියට සහ එම කාර්යාලයයේ  නීතිඥවරයාට නියෝග කළාය.

1997 වසරේ හොරොවිපොතාත මොල්ලිපොතාන සේනවල්ලිපුරමිහිදි බෝමිබ ගසා පොලිස් සැරයන් (11225) ජයසුන්දර  පොලිස් කොස්තාපල්වරුන් වන (22043) චන්ද්‍රරත්න (32024) කරුණාරත්න සහ (33474) අබේරත්න යන මහත්වරුන් ඝාතනය කළැයි ඔවුහු චෝදනා  ලැබ සිටිති.

මාසයක අනිවාර්ය සිර දඩුවමක් විඳීමටත් වසරක් පුනරුත්ථාපන වීමටත් යටත්ව තමන්ට එරෙහිව  ඇති චෝදනා වලට  අධිකරණය හමුවේ වරද පිළිගැනීමට කැමැති බවට  නීති ආධාර කොමිසන් සභාව අත්සන් ගත් බව සැකකරුවෝ උසාවියට කීහ.තීන්දුව දීමට පෙර දඬුවම් නියම කැර  සැකකරුවන්ගේ අත්සන් ගැනීම මුළුමනින්ම නීතියට පටහැනි බව මහාධිකරණ විනිසුරුවරිය කීවාය.

අනුරාධුපර මයිල්වාගනන් මදිඅලහන්, පාදිලිංගමි විජය කුමාර්, ලචිචමන් කුමාර් සහ ලචිචමක් මොහාන් සැකකරුවෝය.