දකුණු පළාතේ අතිරේක දිසා විනිසුරුවරියකගේ මෝටර් රථයක ටයර්වල හුළං ඇරියේයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසු වූ හේමමාලා ගුණසිංහ නම් කත රුපියල් පනස් දහස බැගින් ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියම කළේය.
පසුගිය 26 වැනි දා ගම්පහ නගරයේ ආයතනයක් ඉදිරිපිට විනිසුරුවරියගේ රිය නතර කර තිබූ බවත්, එම නිසා එම කාන්තාවගේ නිවසට යන පාර අවහිර වී තිබූ බවත් අධිකරණයේ දී කියැවිණි.