විනිසුරු පුතා පැහැර ගැනීම තවම අබිරහසක්


කොළඹ අලුත් කඩේ  අංක හතර  දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු  බී ඒ ආර් සේමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා පැහැරගැනීම සඳහා  පැමිණි නවීන පන්නයේ වෑන් රථයේ සවි කර තිබු  අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකල අංකයක් බව තහවුරු වී ඇතැයි මොරටුව පොලීසිය සදහන් කරයි.

මෙම දරුවා පැහැර ගැනීමෙන් අනතුරුව  වාද්දුව ප්‍රදේශයේදී  මුදාහරින අවස්තාවේ වෑන් රථයේ අංක නිරීක්ෂණය කර ඇති අතර ගරාජ් අංකය වැනි  අංකයක් සටහන්  කළ කඩදාසියක් අංක පුවරුවේ සවි කැර තිබු බවද පොලීසිය කියයි.

මෙම දරුවාගේ ප්‍රකාශය හා පැමිණිල්ල  සම්බන්ධයෙන්  ඊයේ (30) දින සිදු කළ පරීක්ෂණ වලදී  නිශ්චිත හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වු බවත් සිදුධිය සම්බන්ධයෙන්  මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්ථාවක් ගොනු කළ  බවද පොලීසිය කියයි.