විනිසුරු නැතිව ජෙයරාජ් ඝාතන නඩුව කල් යයි


(ටෝනි කරුණානායක)

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු මරා දැමීම සම්බන්ධ නඩු විභාගය ලබන සඳුදා තෙක් කල් තැබීමට ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය.

එම නඩුව විභාග කරන ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය නිවාඩු ලබා ඇති හෙයින් එම නඩුව 17 වැනිදා තෙක් කල් තැබිණි.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදවා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී ඇමැතිවරයා ඇතළු 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා 31ක් ගොනු කර ඇත.