විනිසුරු තුරෙයිරාජා අධිකරණ කොමිසමේ පුටුවකට



(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා   මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරනු කරනු ලැබ සිටී.

මෙම පත්කිරීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

අගවිනිසුරු මුර්දු  ප්‍රනාන්දු  මහත්මිය විශ්‍රාම යෑමෙන්  පුරප්පාඩු වූ එම  සාමාජික ධුරයට තුරෙයිරාජා මහතා මෙසේ පත්කර ඇත.

1988 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් එස්. තුරෙයිරාජා මහතා 2019 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු  වශයෙන් පත් කෙරිණ