විනිසුරු කේ. ටී. සමුගනී


ශී‍්‍ර ලංකාවේ පළමු වැනි ටෙස්ට් විනිසුරුවරයා වන කේ. ටී. ෆ‍්‍රැන්සිස් මහතා ඉරිදා රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 73 වැනි වියේ පසුවූ ෆ‍්‍රැන්සිස් මහතා 1982 පෙබරවාරි මාසයේදී ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති ශී‍්‍ර ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ විනිසුරුවරයා වශයෙන්ද කටයුතු කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ උසස් පන්තියේ විනිසුරුවරයකු වූ ෆැන්සිස් මහතා 1982 ත් 1999 ත් අතර කාලයේදී ටෙස්ට් තරග 25 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 56 ක විනිසුරුවරයා ලෙසින් කටයුතු කළ අතර ශී‍්‍ර ලංකාව සහභාගි නොවූ වෙනත් රටවල් අතර පැවැති ටෙස්ට් තරගද විනිශ්චය කිරීමට සම්බන්ධ විය.

දියවැඩියාව හේතුවෙන් දිගු කලක් අසනීපව සිටි කේ. ටී. ෆ‍්‍රැන්සිස් මහතා දුම්රිය උප නියාමකවරයකු වශයෙන් සිය වෘත්තීය ජිවිතය ආරම්භ කළ අතර පසුව දුම්රිය නියාමකවරයකු වී දුම්රිය දෙපාර්තමේන්තු පිල වෙනුවෙන් කි‍්‍රකට් සහ පාපන්දු තරග සඳහාද සහභාගි විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිය ගුරුවරුන්වූ එම්. ඒ. ජයසිංහ සහ ජේ. එම්. සී. ජයසිංහ යන මහත්වරුන්ගේ (තවත් හිටපු කි‍්‍රකට් විනිසුරුවරුන් දෙදෙනෙකි) දරිමත් කිරීම මත කි‍්‍රකට් විනිසුරුවරුන්ගේ පරීක්‍ෂණයට ෆ‍්‍රැන්සිස් මහතා ඉදිරිපත් විය.

දුම්රියේ නියාමක මැදිරියේ සිටියදීත්, අවස්ථාවක් ලැබෙන සෑම විටෙකදීම කි‍්‍රකට් නීතිරීති පිළිබඳ පොත් පත් කියවමින් ඒ පිළිබඳ හැදෑරූ ෆ‍්‍රන්සිස් මහතා දීර්ඝ කාලයක් ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිට පසුව ඉන් විශ‍්‍රාම ගත්තේ කි‍්‍රකට් විනිසුරුවරයකු වශයෙන් තව දුරටත් ඉදිරියට යාමට සිය රැුකියාව බාධාවක් වූ හෙයිනි.

කි‍්‍රකට් විනිසුරුවරුන් අතර ඉතාමත් සෘජු මෙන්ම අවංක ප‍්‍රතිපත්ති ඇති විනිසුරුවරයකු ලෙසින් ක්ෂේත‍්‍රයේ නමක් දිනා සිටි ෆ‍්‍රැන්සිස් මහතා කලක් ආසියානු කි‍්‍රකට් සභාවේ විනිසුරු උපදේශයකයකු ලෙස කටයුතු කළ අතර 1999 දී ටෙස්ට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ විනිසුරු උපදේශකවරයකු ලෙසින්ද වරින් වර කටයුතු කළේය.
ෆ‍්‍රැන්සිස් මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය.