විනාශයට මොහොතකට පෙර අරණායක


අරනායක සාමසර කන්ද (රාමසර කන්ද) අද මූසල දර්ශනයක් වුවද මීට පෙර සොබා සුන්දරත්වය අතින් අලංකාර දර්ශනයක් විය.

දින තුනක් තිස්සේ එක දිගට ඇද හැළුණු වර්ෂාවෙන් පසු පසුගිය මැයි 17 වැනි දා සාමසර කන්දේ කෑලෑ රොදවල් අතර තැනින් දැන අලංකාර ජල පහරවත් මතු වී තිබිණි. ඇතැම් ජල පහරවල්වලින් ගලා ආවේ මඩ පැහැ වතුරය.

එච්.පී. රුවන් කුමාර (21) ද සාමසර කන්දේ එළඟිපිටිය ජනපදයේ ජීවත් විය. 17 වැනි දා දහවල් 11.30ට පමණ වැස්ස තුනී වෙද්දී ප්‍රදේශයේ සොබා සුන්දරත්වය වෙනදාට වඩා අලංකාරවත් වූ නිසා රුවන් කුමාර තැත තැන ඇවිද ඡායාරූප ගත්තේය. වීඩියෝ ගත කළේය.

මිතුරන් සමගද සුහදව කතා බහ කළ ඔහු ත්‍රීරෝද රථයේ මඩ සෝදා ගැනීම සඳහා තම ඥාතියකුගේ නිවසට ගියේ පස්වරු පහට පමණය.

‘මම එළියේ ඉන්දි එකපාරට අකුණක් ගහනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම කන්ද උඩින් දුම වගේ එක්ක ගල් කෑලි විසි වුණා. එක ගල් කෑල්ලක් මං හිටපු ගෙදරට ඇවිත් වැදුණා. මම ගේ ඇතුළට දිව්වා. ඒ එක්කම විශාල සද්ධයක් ආවා. ආයෙත් බලද්දි ගල් පෙරලගන පස් තට්ටුව ගැලවිලා යනවා. මම එතැනින් දුවාලා ගියා. මම හිටිය ගෙදරට ගෙවල් හතරක් පහක් එහායින් ඔක්කොම ගලවාගෙන ගියා. මගේ යාළුවො ගොඩක් ඒ ගෙවල්වල හිටියා. දැන් ඔවුන් හොයා ගන්නත් නෑ.‘ යැයි රුවන් දුක් මුසු මුහුණින් යුතුව කීවේය.

17 වැනි දා සවස් වන විට මහා විනාශයක් වේයැයි එදා දහවල් පරිසරයේ අලංකාර බව ඡායාරූප ගත කරමින් සිටි රුවන්ට සිතුණේ නැත.

‘තව ටිකක් එහා පැත්තේ කන්දේ පැලුම් තිබුණා. 17 අපි එතනට ගිහින් බලලා ආවා. ඒත් නාය ගියේ ඒ පැත්ත නෙමෙයි.‘ යැයි ද රුවන් කීවේය.

13313578_1299330386762550_70058869_o 13318755_1299323813429874_53601810_n 13329736_1299330833429172_78553055_n 13329779_1299326886762900_1180178319_n 13329833_1299324400096482_779748956_n 13341958_1299325790096343_82484652_n 13342524_1299329430095979_1361308169_n 13348798_1299323310096591_1827203133_n 13349217_1299323733429882_853180688_n