දුමක් නැගීම හේතුවෙන් අද (8) පෙරවරු 10ට වැසූ කොස්ගම කඳවුර ඉදිරිපිට පාර යළි විවෘත කළ බව පොලිස් ආරංචි පවසයි.
පෙරවරු 10.20ට පමණ පාර යළි විවෘත කැරිණි.
කඳවුර අසල පාර යළි වහයි @ පෙ.ව. 10.00
කොළඹ - අවිස්සාවේල්ල පාර කොස්ගම සාලාව අසලින් අද පෙරවරු 10ට පමණ යළි තාවකාලිකව වැසූ බව පොලිස් ආරංචි කියයි.
කඳවුර ඇතුළින් දුමක් නැගීම නිසා ආරක්ෂක පියවරක් ලෙස කඳවුර වැසූ බවද දැනගන්නට ඇත.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය හා හමුදාව මහජනයාගෙන් ඉල්ලති.