(විමුක්ති එස් රුද්‍රිගු)
යොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන මීටර් 4,892ක උසකින් යුතු වින්සන් කන්ද සාර්ථකව තරණය කරමින් එම කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස පසුගියදා ඉතිහාස ගත වූවාය.
තමන් අවුරුදු අවුරුදු 15 දී නකල්ස් කඳු වැටිය තරණය කරමින් ආරම්භ කළ කඳු තරණය කිරීමේ විනෝදාංශය මේ වනවිට ඔහුව ලෝකයේ උසම කඳු තරණය කිරීමට පොළඹවා තිබෙන බව 56 හැවිරිදි යොහාන් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මෙතෙක් මහද්වීප හතෙහි තිබෙන උසම කඳු හත තරණය කර ඇත්තේ ලෝකයෙන්ම 350 දෙනකු පමණක් බවත් තමන්ට සාර්ථකව කඳු හත තරණය කිරීමට අවස්ථාව ලැබුණහොත් ලෝකයේම 351 වැනියා වීමට තමන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් යොහාන් පීරිස් මහතා සිය අභියෝගය පිළිබඳ විස්තර කරමින් ප්‍රකාශ කළේය.
මහද්වීප හතෙහි තිබෙන උසම කඳු හතේ ශ්‍රී ලංකා ධජය ලෙලදෙනු දැකීම එකම සිහිනය බවද යොහාන් පීරිස් මහතා පැවැසුවේය. සාර්ථකව වින්සන් කන්ද තරණය කිරීමෙන් පසුව අද(30) චිලී දේශයට පැමිණෙන බවද ඔහු පැවැසුවේය. 57 හැවිරිදි යොහාන් පීරිස් මහතා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙකි.