වින්ඩිට සම්මානයක්


(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන " අය්යෝ සාමි " ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year - 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඇත.

සම්මානය ලබා ගත් වින්ඩි ගුණතිලක පෙර දින රාත්‍රී දිවයිනට පැමිණියාය .

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි .

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ .