වින්ග් කමාන්ඩාර් නිර්මාල්ගේ උපාධි ලෝගුව දේහයට පළඳවයි


(සුමිත් පොතුපිටිය)

ගංවතුරින් අවතැන් වූවන්ට සහන සලසමින් සිටියදී කාර්මික දෝෂයක් හේතුවෙන් හෙළිකොප්ටර් යානය වෙන්නප්පුව ලුණුවිල ගංඔයට කඩාවැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය වින්ග් කමාන්ඩාර් නිර්මාල් සියඹලාපිටිය මහතා අද දින ලබා ගැනීමට නියමිතව තිබූ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඔහුගේ දේහය මත තැන්පත් කළේය.

වින්ග් කමාන්ඩාර් නිර්මාල් සියඹලාපිටිය මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිය සාර්ථකව කොළඹ විශ්ව විද්‍යාලයේ දී නිමා කර තිබූ අතර එහි සහතික පත් කොළඹ විශ්ව විද්‍යාලයේ දී පැවැත් වූ අතර එම සහතික පත් ප්‍රදානොත්සවයෙන් පසු උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඔහුගේ දේහය තැන්පත් කර තිබූ රත්මලාන ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ  නිවෙසට ගොස් උපාධි සහාතිකය සහ රතු ලෝගුව තැන්පත් කළේය.