විධායක ජනාධිපති ක‍්‍රමයේ අසීමිත බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යටතේ පියවර ගන්නා බව පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී උපකාරක පන්ති ගුරුවරුන් හමුවූ අවස්ථාවේ රණවක මහතා කීවේය.
මැතිවරණ ක‍්‍රම සංශෝධනයට ද , පළාත් සභා ක‍්‍රමයට කිසිදු ආකාරයක බලපෑමක් නොකිරීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ස්ථාවර රජයක් බිහිවෙන බවත් ඔහු කියයි. දැනට නිදහස් සන්ධාන රජයේ සිටින සියලූ මැති ඇමතිවරුන් නව රජයට එක්වෙන බවද රණවක මහතා කියයි.



