විධායක ජනාධිපති ක්‍රමය දිගටම ගෙනයන්න ශ්‍රීලනිප අනුමැතියක් නෑ


විධායක ජනපති ක්‍රමය අහෝසි නොකොට දිගටම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතියක් ලැබී නැතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.

කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනපතිනිය කියා සිටියේ එවැනි යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතු බවයි.

ඇහැට දකින්නට යුද්ධයක් නැති නමුත් ප්‍රධාන ජාතීන් දෙක අතර සංහිඳියාවක ලකුණු දක්නට නැතැයි ද හිටපු ජනපතිනිය එම සාකච්ඡාවේදී සඳහන් කළාය.