විදේශිකයන්ගේ සිද්ධියේදී දුම්රිය සේවකයෝ හරි


(යොහාන් භාසුර)

විදේශිකයන්ට පහර දුන්නා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරය වැරදි නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අදාළ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයේ දත්ත පරික්ෂා කිරීමෙන් ඒ බව තීරණය කළ හැකි බව ද ප්‍රවාහන අමාත්‍යවරයා කීය.

පොඩි මැණිකේ’ දුම්රියේ වායූසමන කළ පළමු පංතියේ මැදිරියක ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයන් දෙදෙනෙක්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් අතර පසුව වැඩ තහනම් කළ දුම්රිය ස්ථානාධිපතිවරු දෙදෙනා සහ නියාමකයා වාහාම සේවයේ පිහිටුවීමට පියවර ගත්තේය.