විදේශිකයන්ට ලංකාවේ සිදු කරන වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලු පෞද්ගලික රෝහල්වලට සහ රජයේ රෝහල්වලට නියෝග කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව එම නියෝගය සිදු කර ඇත.
නීති විරෝධි වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු සම්බන්ධ බවට ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කිරීමට ඊට හේතුව බව දැනගන්නට ඇත.

