විදේශගත ලාංකිකයින්ට නිවාස ව්‍යාපෘතියක්


 

(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා  නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් විදේශගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස සහ ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

ඊට අමතරව විදේශගත ශ්‍රමිකයාගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහාද මේ යටතේ කටයුතු කිරීමට නියමිතව බව ද කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සදහා මූල්‍ය දායකත්වය දෙන බව ද සඳහන් කළේය.