විදේශ ඇමති බ්‍රිතාන්‍යයේ උප රාජ්‍ය ලේකම් හමුවෙයි


විදේශ අමාත්‍ය  මංගල සමරවීර මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ උප රාජ්‍ය  ලේකම් හා ආසියා ශාන්තිකර කලාපය පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මා මහතා අතර හමුවක් සිදුව තිබේ.


ඊයේ (28)ජීනිවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයට සමගාමීව මෙම හමුව සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.


එහිදී  මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මෙරට සංහිඳියා ක්‍රියාවලියේ මෑත කාලීන ප්‍රවණතා සම්බන්ධයෙන් ආලෝක් ශර්මා මහතා දැනුවත් කර තිබේ.


මේ අතර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ආලෝක් ශර්මා මහතා පවසා සිටියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා  ජීනිවාහිදී ඵලදායී අයුරින් කටයුතු කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන බවය.