විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශයේ සියලුම සේවා අත්හිටුවයි


( තිළිණි ද සිල්වා )

කොවිඩ්-19 වයිරසය පැතිරීම වැළැක්වීම පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නැවත දැනුම් දෙන තෙක් අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවා මහජනතාවගේ එක්රැස් වීම සීමා කිරීමට විදේශ අමාත්‍යාංශය අද (22) තීරණය ක⁣ළේය.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය, නැවත දැනුම් දෙන තෙක් අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන්  සඳහාද වසා තැබෙන බව එම අමාත්‍යාංශය කියා සිටී. ඊයේ දිනවන තුරුත් අපනයන ලේඛන සහතික කර ගැනීමේ කටයුතු සඳහා විදේශ අමාත්‍යාංශ කොන්සියුලර් අංශය විවෘත කර තිබිණි.

එසේම නැවත දැනුම් දෙන තෙක්, මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙකෙන් ද ලේඛන සහතික කිරීමේ සේවා ලබා නොදෙන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා ඊට සම්බන්ධ ලියකියවිලි සහාය පිළිබඳ විමසීම් සඳහා  0776032252, 0773586433, 0718415623 සහ 0701428246  යන දුරකථන අංක අමතන ලෙස එම අමාත්‍යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටී. නැතහොත් [email protected] යන විද්‍යුත් තැපෑල හෝ  0112446091 /0112333450 යන ෆැක්ස් අංක අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.