
විදෙස්ගතව පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කටාර් සිට පැමිණි පුද්ගලයෙක් , මැඩගස්කරයේ සිට පැමිණි පුද්ගලයෙක් සහ අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.
ඒ අනුව මේ වනවිට මෙරට දී හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් -19 ආසාදිතයන් ගණන 3274 කි.
ඉන් ආසාදිතයන් 3043 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 218 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


