විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්


විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම සඳහා විදේශ රැකියා අමැති තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි විදේශ අමාත්‍යංශය කියයි.

මෙරට විගමනික ශ්‍රමිකයින් සදහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් ,ඒ සදහා වන නීති කෙටුම්පත කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එසේම යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවද  අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.