විදෙස්ගත ශ්‍රමිකයන්ටත් තීරුබදු සහන ඉල්ලයි


විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මවු රටට වාහන ගෙන්වීමේදී තීරු බදු සහන ලබාදෙන්නැයි එතෙර අපි සංවිධානය රජයෙන් ඉල්ලා සිටී.

තීරු බදු රහිතව වාහනයක් ලංකාවට ගෙනඒමට විදෙස්ගත ශ්‍රමිකයන් බලධාරින්ගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කළ ද රජය එය නොතකා හැර ඇතැයි චෝදනා කළ එම සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවම වශයෙන් ඔවුන් ලංකාවට එවා ඇති මුදලේ ප්‍රතිශතයක් ලෙසින් හෝ මෙම තීරුබදු සහනය ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව ද කීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු කිරීමට ගෙන ඇති පියවර ගැන සතුටු වන බව ද නිපුණආරච්චි මහතා වැඩිදුරටත් කීය.

Janaka-Adikari Lakshman-Nipunaarachchi