විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති පුටුවට හිල්මි පත්වෙයි



 
 
ශාන්ත රත්නායක

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා අද දින (5) නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය.

ඒ මහතා තොරතුරු තාක්ෂණ කළමනාකරණය හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ වසර 10ක කැපී පෙනෙන වෘත්තිකයෙකි.

හිල්මි මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ද වන අතර, එස්.එම්.ඒ.අසීස් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයකු ද වේ.

ඔහු බහුමාධ්‍ය පරිගණක තාක්ෂණය පිළිබඳව එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂර් විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියකු වන අතර ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ. 

මෙම අවස්ථාවට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා මහත්මිය, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී වන්සේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම්. මිස්බා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.