කොළඹ විශ්වවිද්‍යාලයේ 2015 වර්ෂය සඳහා පශ්චාත් උපාධි ප්‍රධානෝත්සවය කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පැවැත්විණි. මානව සම්පත්, නීතිය, සමාජ විද්‍යාව, පුස්තකාල කළමනාකරණය ඇතුළු විෂයයන් කිහිපයකට අදාලව මෙහිදී උපාධිධාරීන් 500 දෙනකුට පමණ පශ්චාත් උපාධි පිරිනැමිණි. මාලදිවයින අැතුළු ආසියාතික රටවලින් මෙහි පැමිණ පශ්චාත් උපාධිය ලබාගත් සිසු සිසුවියන් ද මෙයට ඇතුලත් වීම විශේෂත්වයකි.
ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා





