2002 සිට 2012 දක්වා කාලය තුල ශ්‍රේණිගත කිරීම් අනුව මුදල් යැවීම අතින් සෞදි අරාබිය දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට බව සෞදි ආරාබියේ පළ වන ඇරැබි නිවුස් පුවත්පත කියයි.
ශ්‍රේණිගත කිරීම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශිය ශ්‍රමිකයින්ට මුදල් පැවරීම මසකට සාමාන්‍ය ඩොලර් කෝටි 4800 කි. (රුපියල් කෝටි 638400 ) ශ්‍රේණිගත කිරිම් අනුව දෙවන ස්ථානය ලබා ඇති සෞදි අරාබිය වාර්ෂිකව ඩොලර් කෝටි 1950 ක් ලෙසද (රුපියල් කෝටි 259350 ) පවරා ඇති අතර තුන්වැනි ස්ථානය ලබා දී ඇති ස්විස්ටර්ලන්තය ඇමෙරිකා ඩොලර් 1720 ක් (රුපියල් කෝටි 228760 ) ක් ලෙසද පිළිවෙළින් ජර්මනිය ඩොලර් කෝටි 1400 ක් (රුපියල්කෝටි 186200) රුසියාව ඩොලර් කෝටි 1340 ක් (රුපියල් කෝටි 178220 ) ලෙසින්දද ස්පාඤ්ඤය ඩොලර් කෝටි 1030 (රුපියල් කෝටි 136990 ) මුදල් හුවමාරු කැර ඇත.
2002 සිට 2011 දක්වා මුළු මුදල් පැවරීම අතින් ඇමෙරිකා එක්සත් ජනපදය සියයට 138.7 ක් ලෙස ඩොලර් කෝටි 33960 ක් ලෙස වාර්තා වී තර 2001 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි විශාලතම සංඛ්‍යාවක් වු විදේශිය කම්කරුවන්ගේ මුදල් පැවරීමෙන් ඩොලර් කෝටි 2850 මුදල් පැවරීම හෝ යැවීම කැර ඇති බවද පුවත්පත පෙන්වා දෙයි.කෙසේ වුවද ගල්ෆ් රටවල ශ්‍රේණිගත කිරීම් අන්ව සෞදි අරාබියට පිටුපසින් දෙවැනි තැන ලබා සිටින කුවෙට් දේශය 2011 වසරේදී විදෙශිය ශ්‍රමිකයින්ට මුදල් පැවරීමේදී ඩොලර් කෝටි 1180 ක් ලෙස වාර්ථා තබා ඇති අතර ඔමාන් රාජ්‍ය ඩොලර් කෝටි 720 ක් බහරෙන් රාජ්‍ය ඩොලර් කෝටි 200 ක් මුදල් හුවමාරු කැර ඇත.
මුදල් පැවරීමේදී මුදල් 2012 වසරේදී පමණක් සෞදි අරාබියේ ලියාපදිංචි විදේශික ශ්‍රමිකයින් සහ කොන්ත්‍රාත්කරුවන් ඩොලර් බිලියන 3590 රටින් පිට කැර ඇති අතර එය සියයට 11.5 ක වැඩි වීමක් බවද පෙන්නුම් කරයි.
මේ අතර 2012 ජුනි මස සිට 2013 ජුනි මස දක්වා කාලය තුල පමණක් සෞදි අරාබියෙන් විදේශ පැවැරීමේ කරන ලද මුදලේ ප්‍රමාණය ඩොලර් කෝටි 3830 ක් බවද පුවත් පත පෙන්වා දෙයි.