විදෙස් රැකියා පොලක් මහනුවරදී


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, බලපත්‍රලාභී විදේශ රැකියා  ආයතන සමඟ සහයෝගයෙන්, 2025 වසරේ සංවිධාන කරන ලද පළමු විදේශ රැකියා පොළ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාල පරිශ්‍රයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාර්යාංශයේ මධ්‍යම පළාත් කාර්යාලය සහ අලෙවිකරණ අංශය ඒකාබද්ධව, දේශීය තරුණ තරුණියන්ට විදේශ රැකියා අපේක්ෂාවන් ඉටු කරගැනිමට අවස්ථා ලබාදීම අරමුණු කරගෙන මෙම රැකියා පොළ පැවැත්විණි.

රැකියා සොයන්නන් විශාල පිරිසක් මීට සහභාගී වූහ.

විදේශ රැකියා සඳහා අයැදුම් කිරීමට සහ විදේශ රැකියා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලාවන්ට අදාළ මගපෙන්වීම ද මෙහිදී සිදු කෙරිණි.