විදෙස් කතට අතවර කළ අයෙක් අල්ලයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හබරාදූව,පීල්ල ගොඩ චෛත්‍යාලංකාර  විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන දහ නම හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

උණවටුන ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටින මෙම සංචාරක කාන්තාවමෙම විහාරස්ථානය වන්දනාමාන කිරීමට යෑම  පුරුද්දක් කරගෙන සිට ඇති තැනැත්තියක් යැයි පොලිසිය කියයි.

සංචාරක කාන්තාව පෙරේදා දිනයේ ද සුපුරුදු ලෙස විහාරස්ථානයට ගොස් බෝධිය වන්දනාමාන කිරීමේ නිරතව සිට ඇත.

ඒ අවස්ථාවේ සැකකාර තරුණයා පැමිණ බුදු ගෙය වන්දනා කිරීමටඇයට ආරාධනයක් කර තිබෙන බව පොලීසිය කියයි.

තරුණයා ගේ ආරාධනය අනුව මෙම සංචාරක කාන්තාව බුදු ගෙය වන්දනාමාන කර පිටතට පැමිණෙනවා සමගම එම තරුණයා ඇයට ලිංගික අතවරයක් කර පලාගොස් තිබිණි .යැයි පොලිසිය පවසයි. එම සිදුවීමෙන් කම්පනයට පත් වූ බව දසංචාරක කාන්තාව පොලිසියට පවසා ඇතැයි කියති .