විදුහල්පතිවරයකු ඉල්ලා පාර අවහිර කරති


හම්බන්තොට රන්න, වාඩියගොඩ කනිෂ්ඨ විද්‍යාලයට වසර 04 ක් විදුහල්පතිවරයෙකු නැති බවත් මේ නිසා විදුහලේ පරිපාලනය හා අධ්‍යාපනය කටයුතු අවුල් සහගත වී ඇති බවත් කියමින් දෙමවුපියෝ මාතර ,කතරගම මාර්ගය රන්නේදී අවහිර කරමින් විරෝධතාවයක නියැලෙති.

විද්‍යාලයට විදුහල් පතිවරයෙකු ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලකරමින් මේ වන විට මෙම විරෝධතාවය  සදහා දෙමවුපියෝ සමග විද්‍යාලයේ සිසු දරුවෝද එක්වී සිටිති.

01-(1) 01-(7) 01-(9) 01-(11)