රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති නරේන්ද්‍රනාම නාගසිංහ චිත්‍රපාල (46) මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
නියෝජ්‍ය විදුහල්පතිට පාසලේ යතුර බාරදීමට බදාදා උදේ 6.30 ට යතුරුපැදියෙන් පිටත්ව ගිය තම සහෝදරයා යළි ගෙදර නොපැමිණි බව කොළඹ සරසවියේ කථිකාචාර්ය නාගසිංහ ප්‍රේමසිරි මහතා පොලිසියට පැමිණිලි කර ඇත. ඔහු ගැන සියලුම රෝහල්වලින් සෙවූ බවත් දැන් ඇත්තේ ආගමන විගමන කාර්යාලයෙන් සෙවීම බවත් මාධ්‍ය ප්‍රකාශක පවසයි. නියෝජ්‍ය විදුහල්පති සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
කාර්යාල සේවිකාවක පැවසූයේ නියෝජ්‍ය විදුහල්පති සම්බන්ධ කරගැනීමට නම් කලාප කාර්යාලයේ අවසර ලබාගෙන අමතන ලෙසයි.
මේ අතර පසුගිය 12 වැනිදා බණ්ඩාරගම බැල්ලන්තුඩුවේදී වැඩබිමකට ගිය ප්‍රදීප් තරංග (30) නම් කොන්ත්‍රාත්කරු යළි ගෙදර නොපැමිණි බව ඔහුගේ බිරිය මිල්ලනිය පොලිසියට පැමිණිලි කළාය. ඔහුගේ ස්කූටරය ඔහුට අයත් වෙනත් වැඩබිමක තිබී සොයාගත් නමුත් ඔහු ගැන තොරතුරක් නැතැයි ගැබිණියක වන ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.







