විදුහල්පති සුරංගනා කතාවක් කියයි


අයියා ද අයියාගේ බිරිය හා පුතා ද හීනෙන් දැක ඇහැ ඇරී වටපිට බලන විට තමා පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය අසළ ගහක් යට සිටි බව මතක යැයි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා ජයවර්ධනපුර රෝහලේ පොලිසියට කළ ප්‍රකාශයේ දැක්වේ.

පොලිසිය ඇසූ බොහෝ ප්‍රශ්න වලට ඔහු උත්තර දී ඇත්තේ මට මතක නැහැ යනුවෙනි.

ගස යටින් නැඟිට සන්නිවේදන මධ්‍යස්ථානයක් ඇති ස්ථානයක් එතැනින් ගිය කෙනකුගෙන් අසා ගෙදරට ඇමතුමක් දුන් බව ද මතක යැයි ඔහු කියා තිබේ.

පැයක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කළත් ඔහුගේ අතුරුදන්වීමට හේතු කිසිවක් සොයා ගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.

ඔහු ළඟ තිබූ බස් ටිකට් හැඳුනුම්පත් ඇතුළු මුදල් පසුම්බිය ද පොලිස් බාරයට ගැනිනි.