විදුහල්පති රන්ටැඹේ පුහුණුවේදී මරුට


රන්ටැඹේ කඳවුරේ පුහුණුව ලබමින් සිටි විදුහල්පතිවරයකු අද උදෑසන ක්‍රීඩා සඳා පෙළගස්සද්දී හදිසියේ මිය ගිය බවත්, අවුරුදු ගණනක් කිසිදු ක්‍රීඩාවක් නොමැතිව සිටි විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීමේ දී විවිධ අතුරු ආබාධ ඇති බව බව අමාත්‍යංශය දැනගත යුතු බවත්, මෙවැනි අවාසනාවන්ත සිද්ධියක්  වූයේ අමාත්‍යංශයේ වරදින් බවත් ලංකා ගුරු සංගමය කියයි.

එලෙස මිය ගියේ සීදූව පඤ්ඤානන්ද විද්‍යාලයයේ විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ (52) මහතාය.

මහියංගනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එම විදුහල්පතිවරයා හෘදයාබාධයකින් මිය ගිය බවයි.

රන්ටැඹේ ආරංචි මාර්ග කියනුයේ පෙරේදා (28) පුහුණුව සඳහා පැමිණි විදුහල්පති අද උදේ ව්‍යායාම කිරීමට පෝලිම් කරද්දී පපුව අමාරුවක් යැයි කියමින් පපුව අල්ලාගෙන හිඳ ගත් බවයි.