විදුහල්පති පුරප්පාඩු රැසක් තවම පුරවා නෑ


2015 වසරේ  පැවති  විදුහල්පතිවරුන්  බඳවා  ගැනීමේ  විභාගයෙන් 40% වඩා  ලකුණු  ලබා  ගෙන ඇත්තේ හාරදහස්  හැත්තෑ හයක් බවත්,  පුරප්පාඩු  වී  ඇති  ප්‍රමාණය හයදහසක්   බවත්, එම පුරප්පාඩු පිරවීමට නොපමාව කටයුතු කළ යුතු  බවත් ලංකා  ගුරු  සංගමයේ  ලේකම්  ජෝශප්  ස්ටාලින්  මහතා කියයි.

දුෂ්කර  පළාත් වල ගුරු හිඟය හා  විදුහල්පති හිඟය පවතිද්දී  නගර  ආශ්‍රිත පාසැල්වල ගුරු  අතිරික්තයක්  පැවතිම සදාකාලික පැවැත්මක්  වී  ඇති  බවද ගුරු සංගමය සඳහන් කරයි.