විදුහල්පති ධර්මදාස තුන්වැනි සික පදය කඩන්න හදා හිරේ


කොට්ටාව ආනන්ද විදුහලට පළමු ශ්‍රේණියට ළමයකු ඇතුළත් කිරීම සඳහා දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු විදුහල්පති එම්.ජී.ජී.ධර්මදාසට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් 20,000 ක දඩ සහ අත්හිටවූ සිර දඬුවම් නියම කළාය.

විත්තිකරුගේ බිරිඳ හා දරුවන් ගැන සලකා බලා ලිහිල් දඬුවම් නියම කරන බවද විනිසුරුවරිය සඳහන් කළාය. 2013 වසරේදී දරුවකු පාසලට ඇතුළත් කිරීමට පැමිණි මවකට වේරහැර හෝටලයකට පැමිණීමට විදුහල්පතිවරයා යෝජනා කර ඇත. දරුවාගේ මවද එම යෝජනාවට එකඟ බව අඟවා ඔහුට හෝටලයට පැමිණීමට ඉඩ හැර අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල මත ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ චෝදනාව යටතේ එම හෝටලයේදීම අත් අඩංගුවට ගෙන නඩු පවරනු ලැබිණි.

විත්තිකරුට වසර 8 ක සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත් හිටුවීමට විනිසුරුවරිය නියෝග කළාය.