රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයයේ අද (19) සවස ජනපති ප්‍රධානත්වයෙන් පැවැති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන බව කියා පාසලෙන් උදෑසන පිටවී ගිය විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා අද සවස්වන තුරුත් පැමිණ නැතැයි ඔහුගේ වැඩිමල් සහෝදරයා කොට්ටාව පොලීසියට පැමිණිලි කැර ඇත.
කොට්ටාවේ පදිංචි විදුහල්පතිවරයා අද උදේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු බාර දී තමා පැමිණිම ප්‍රමාදවන බව කියා පාසලෙන් පිටව ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

