ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිම අවසන් වීමෙන් පසුව නැවතත් විදුලි බිද වැටීමෙන් ශ‍්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම මේ වන විට විනාඩි 30 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. සූරියවැව ක‍්‍රීඩාංගණයේදී විදුලි කණු හතරෙන් දෙකක් මේ වන විට විසන්ධි වී තිබේ.
පළමු විදුලි බිද වැටීම නිසා රාත‍්‍රි ආහාර විවේකය විනාඩි 30 කට සීමා කිරීම නිසා ශ‍්‍රී ලංකා ඉනිම රාත‍්‍රි 7.05 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)