(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය.
විදුලි කප්පාදුව තීරණය කිරීමට විදුලි ඉල්ලුම, සැපයුම සහ ජනන ධාරිතාව පිළිබඳව නිවැරදි තොරතුරු සමඟ අධ්‍යනය කිරීම අවශ්‍ය බවත් හෙට දිනයේ විදුලි ඉල්ලුම පිළිබඳව පෙරවරුවේ පුරෝකථනයක් කිරීමට නියමිත බවත් විමලරත්න මහතා කීය.
ඒ අනුව විදුලිය කොපමණ කාලයක් කප්පාදු කරනවාද ඒ කුමන කාල පරාසයක් තුළ ද යන්න හෙට පෙරවරුවේ තීරණය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සමස්ත රටේම විදුලි සැපයුම පසුගිය ඉරිදා (9 වැනිදා) විසන්ධිවීම හේතුවෙන් නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පසුගිය 10 සහ 11 දෙදින පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කළේය.