විදුලි හොරු 2300කට විදුලි සැර වදී


2014 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය  දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින්    විදුලි හොරුන් 3199 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

  අහිමි වීමට ගිය රුපියල්  විසි එක්කෝටි විසි අට ලක්ෂයකට ආසන්න මුදලක්  නැවත අය කර ගැනීමට හැකි වූ බවත්, ඉන්  මිලියන 191   ලංවිම අලාභය වශයෙනුත්, මිලියන 21 ක්   උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබෙන බවත් මණ්ඩලය පවසයි.

එම වැටලීම්වලින්    2077 ක් මීටර් වෙනස්කිරීම් වන අතර 1122 ක් කොකු යොදා විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබෙන බවත්,  එවැනි යම් වංචා සම්බන්ධයෙන් දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන ඒකකයට තොරතුරු ලබා දෙන ලෙසත් මණ්ඩලය ඉල්ලයි.